මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබුවන් 109ක් රෝහලට

Share

මේ වන විට මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 109ක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

 

ඒ අතර රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි.

එහි මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8කි.

එමෙන්ම මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ වන විට මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

 

Read more

Local News