ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 4වැනිදා තෙක්

Share

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 4 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

 

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම 2020 දෙසැම්බර් මස 04 වැනි දායින් අවසන් වෙයි.

මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ, අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව අද්‍යාපන අමාත්‍යංශය සදහන් කර තිබේ.

Read more

Local News