මහර බන්ධනාගාරය තුළ ගැටුම ඇති වූ ආකාරය

Share

පසුගිය දා මහර බන්ධනාගාරය තුළ ගැටුමක් ඇති විය.

 

එම සිද්ධියෙන් මේ වන විට පුද්ගලයින් 9ක් ජිවිතක්ෂයට පත් වි තිබේ.

මෙම මහර බන්ධනාගාර සිදුවිම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද දිනයේ අදහස් දැක්වු බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසුවේ මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර තිබු බවයි.

එමෙන්ම කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති අතර මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,750ක් සිටින බවත් ඉන් දඬුවම් ලැබූ රැඳවියන් සහ රිමාන්ඩ් රැඳවියන් 1600ක් පමණ වන බව ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය

පසුව ආහාර ගන්නා ස්ථානයේ දී එම 1600ක පමණ පිරිස එකතු වී දොරවල් කඩාගෙන එළියට පැමිණ බන්ධනාගාරයේ ඉදිරිපිට දොරටුව ඉදිරිපිටට රැස්ව පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලීම් කර තිබේ.

අනතුරුව බන්ධනාගාර අධිකාරීවරයා හා තවත් නිලධාරීන් ගොස් සාකච්ඡා සිදුකර ඇති නමුත් රැඳවියන් නිලධාරීන්ට පහර දීමට වටකර ගෙන ඇති බවත් පසුව විශාල වශයෙන් ගල් හා පොලු ප්‍රහාර එල්ල කරමින් පැනයෑමට උත්සහ කළ බවත් චන්දන එක්නායක මහතා පැවසීය.

එහිදී අවවාද කළත් පාලනය කර ගැනීමට නොහැකි වු බැවින් රබර් උණ්ඩ යොදා වෙඩි තැබූ අතර, පසුව යම් බලයක් යොදා එම තත්ත්වය පාලනය කිරීමට සිදුවු බවත් බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ තිබු මානසික රෝග සඳහා පාවිච්චි කරන බොහෙත් සහ අනෙකුත් සියලු පෙති වර්ග රැඳවියන් විසින් පානය කර තිබේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඖෂධ ගබඩාවේ මානසික ආතතියට සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවයි.

එමෙන්ම ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ඔහු පැවසීය.

මේ අතර මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

මහර බන්ධනාගාරයේ සිදුවූ අදාළ සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර රෝහල්ගතව සිටින රැඳවියන් අතරින් රැඳවියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනය වි තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News