බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළු වෙයි

Share

‘බුරවි’ සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශ අතරින් දිවයිනේ නැගෙනහිර වෙරළට මේ වන විට ඇතුළ වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, මෙය දිවයිනෙන් බැහැරට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි.

මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල් ප්‍රදේශයටයි.

එය මිලිමීටර් 203. 5 කි.

උඩයාර් කට්ටු ප්‍රදේශයට මිලිමීටර් 158 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

Read more

Local News