කෘෂිකාර්මික තොරතුරු ඇතුලත් කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට පියවර

Share

මෙරට සියලු කෘෂිකාර්මික තොරතුරු ඇතුලත් දිවයිනම ආවරණය වන කේන්ද්‍රගත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

මෙහි ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විය.

කෘෂිකර්මාන්තයට අදාල සියළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මීට ඇතුලත් වේ

හම්බන්තොට හා වව්නියාව යන දිස්ත්‍රික්කවල තොරතුරු ඒකරාශී කිරීම මේ වනවිටත් අවසන් අතර දිස්ත්‍රික්ක කීපයක එම කටයුතු මේ වන විට සිදුවන බව අදාල නිලධාරීන් මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

යාවත්කාලීන මෙන්ම සත්‍ය තොරතුරු පමණක් යන වගකීම ප්‍රමුඛ කොට මෙම තොරතුරු පද්ධතිය සකස් විය යුතු බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළහ

Read more

Local News