දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Share

නැගෙනහිර පළාතෙත් යාපනයමුලතිව්කිලිනොච්චිහම්බන්තොට  සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිරසබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News