කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය ඉවතට

Share

කොළඹ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කරනු ලැබේ.

මේ අතර තවත් නිවාස සංකීර්ණ 7ක හුදකලාභාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

Image may contain: text

Read more

Local News