බ්‍රසීලයේ තෙවන කොවිඩ් රැල්ලක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Share

බ්‍රසීලය තුළ තෙවන වටයේ කොරෝනා වෙෙරස ව්‍යාප්තිය පිළිබද සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ලොව පුරා රටවල් රැසක් වෙෙරසයට එරෙහි එන්නත් අත්හදා බැලුනද බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ වැඩ්දුරටත් සදහන් කරයි.

සාඕ පෝලෝ නගරයේ රෝහල්හි දැඩි සත්කාර ඒකක සම්පූර්ණයෙන් පිරී ඇති බවද වාර්තා වෙයි. ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතරින් දෙවන ස්ථානයේ බ්‍රසීලය පසුවන අතර එරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අසූ එක් දහස් එකසිය හතලිස් තුනක්.

ගත වූ පැය 24 ට ආසාදිතයින්  හතලිස් හතර දහස් දෙසීය අසූ දෙදෙනෙකු හමු වී ඇති අතර ඒ සමගම එරට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 69 කට ආසන්න වි තිබේ.

Read more

Local News