රත්මලානේ රොහාගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට

Share

ජීවිතක්ෂයට පත්ව ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘රත්මලානේ රොහා’ නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (18) රාත්‍රීයේ සිදුකළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම සැකකරුවන් වස්කඩුව ප්‍රදේශයේ අවන්හලක දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර පොලිස් ස්ථානයට භාර දී තිබේ.

Read more

Local News