දෙසැම්බර් 26 වන දා සිට ලබන වසරේ ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ දී ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු නිදහස් කර තිබේ.
සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.