බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 350ක් අල්ලයි

Share

උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්‍ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

ඒ අනුව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව මාරක රියඅනතුරු අඩුකිරීමට, බීමතින් රිය ධාවනය කරන පුද්ගලයින් අත්අංඩගුවට ගැනීමට හා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට වගේම වේගයෙන් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට මෙම මෙහෙයුම් සිදු කරනු ලබයි.

Read more

Local News