සුවසරණ සෞඛ්‍ය අරමුදල කළුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළ PCR යන්ත්‍රය ජනපතිට බාරදෙයි

Share

සුවසරණ සෞඛ්‍ය අරමුදල මගින් කළුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කිරීම සඳහා මිල දී ගත් නව පී.සී.ආර්. යන්ත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

 

හොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙම නව PCR යන්ත්‍රය මිලදී ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නව PCR යන්ත්‍රය කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කෙරෙන බවයි.

පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේ අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

Read more

Local News