ඉදිරි දින දෙක තුළ වැස්සේ අඩුවීමක්

Share

පවතින වැසි තත්ත්වය හෙට (25) සහ අනිද්දා වනවිට තාවකාලික අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Read more

Local News