ජනපතිගෙන් නත්තලට සුබ පැතුම්

Share

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

 

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත්, දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උදා වූ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පැවසුවේ, එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු ශිෂ්ඨ මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන බවයි.

සමාජයීය වශයෙන් ගත්කළ නත්තල, කිතුණු පවුල් එකට එකතු වෙන තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගන්නා බවයි.

පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැගීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බව ජනාධිපතිතුමා පවසයි.

කොවිඩ් – 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට එම ධර්මය උපයෝගි කොට ගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනපති ගේ නත්තල් දින පණිවුඩය පහතින්

Image may contain: text

Read more

Local News