ව්‍යාජ ගමන් බලපත්‍රයකින් කැනඩාවට යෑමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට

Share

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් කැනඩාව වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් ගුවන් තොටුපළ ආගමන විගමන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක්.

ඇය ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි හරහා කැනඩාව වෙත පැනයෑමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය, වෙනත් අයෙකු සතු එකක් බව සහ එම ගුවන් ගමන් බලපත්‍රයට මෙම තරුණියගේ ජායාරූපය යොදා කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.

Read more

Local News