කොවිඩ් මරණ ගැන ව්‍යාජ පුවත් නිර්මාණය කරන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය

Share

කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

 

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඇතැම් දේශපාලකයින් හා වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොවිඩ් -19 ආසාදිතව මියයන සියලු පුද්ගලයින්ගේ මෘතශරීර ආදාහනය පමණක් සිදුකරන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Read more

Local News