නව වසර සැමරිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අංශ වලින් උපදෙස්

Share

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් නව වසරේ උදාවේදී හැකි උපරිම අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ දැඩ්ව අවධාරණය කරයි.

 

මේ අතර නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින තත්ත්වය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ “ඉදිරි දවස් දෙක තුළ අලුත් අවුරුද්ද උදාවීමත් සමගම නොයෙක් විදියේ උත්සව හා සාද පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් 19 රෝගීන් දිනපතා සිය ගණනක් වාර්තා වන විට සාද හා උත්සව වෙනදා වගේ අපිට පැවැත්වීමේ අපහසුවක් තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් නොයෙක් අවස්ථාවල දී රෝගීන් පොකුරු වාර්තාවීමට ප්‍රධානතම හේතුව වුණේ විවිධ ආකාරයේ උත්සව. ඒ වගේ අවස්ථාවල දී ආසාදිතයෙක් හිටියොත් බොහෝම වේගයෙන් ඒ වගේ අවස්ථාවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ අලුත් ආකාරයකට, කොවිඩ් රෝගය බෝ නොවන ආකාරයකට.“ බවයි.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් තවදුරටත් රට අවදානම් තත්ත්වයට පත්වන බවයි.

Read more

Local News