චීන වෙළෙඳ සබදතා අයහපත් තත්ත්වයට

Share

ඕස්ට්‍රේලියාවේ නව වෙළෙඳ ඇමැතිවරයා ලෙස ඩෑන් ටෙහාන් පත්වීමත් සමඟ චීනය සමඟ ඇති වෙළෙඳ සම්බන්ධතා නරක අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ අතර පසුගිය මාස කීපයේ දී ඕස්ට්‍රේලියාව චීනයට බාර්ලි, හරක් මස්, වයින්, දැව, ගල් අඟුරු සහ පොකිරිස්සන් පවා අපනයනය කිරීම අත්හිටුවනු ලැබිය.

මේ සඳහා දැක්වූ හේතු කාරණා විවිධාකාර සහ තාක්ෂණික ස්වරූපයක් ගත්තද එහි අරමුණ සහ එයින් දුන් පණිවිඩය වඩාත් දේශපාලනික වන අතර ඕස්ට්‍රේලියාවේ සිටින චීන නිලධාරීහු ඕස්ට්‍රේලියාව සමඟ දුක්ගැනවිලි 14ක් අඩංගු ලේඛනයක් සකස් කර නිකුත් කළේය.

දුක්ගැනවිලි 14ට අයත් වන්නේ සිය 5ජී ජාලයෙන් හුආවේ තහනම් කිරීමට ගත් තීරණය, සිය දේශපාලන ක්‍රමයට විදේශ මැදිහත්වීම් තහනම් කරන නීති සහ ප්‍රාන්ත රජයන් විසින් අවසන් කරන ලද විදේශ ගිවිසුම් පිළිබඳ ෆෙඩරල් රජයට අධීක්ෂණය සහ අවසාන නිෂේධ බලය ලබාදෙන නීතිය. ස්වකීය අභ්‍යන්තර කටයුතුවලට, නිරන්තර බාහිර ඇඟිලි ගැසීම්වලට ලක්වන චීනයට ඉල්ලීම් 14 ලේඛනය ඉදිරිපත් කිරීමෙන් දේශපාලන සැකැසුමේ අභ්‍යන්තරයට ගොස් ස්වෛරීභාවය පිළිබඳ සාකච්ඡා කළ නොහැකි කාරණා වේයැයි කියයි. කොවිඩ් -19 පැතිරී යාම ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වන ඉල්ලීමට නායකත්වය දෙන්නේ ඕස්ට්‍රේලියාවයැයි බීජිනය චෝදනා කරයි.

Read more

Local News