කොවිඩ් එන්නත ලබාගැනීමට කැබිනට් අනුමැතිය

Share

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබා ගැනීම සඳහා එන්නත් නිෂ්පාදකයා සමග ගිවිසුමට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

කොවැක්ස් පහසුකම ලෙස හඳුන්වන්නේ , කොවිඩ් 19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායී එන්නතක් සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරිම සඳහා , රජයන් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශයයි.

ඒ යටතේ කොවිඩ් 19 වෛසරසය සඳහා එන්නත් නිෂ්පාදනය කිරිම වැඩිදියුණු කිරිම කඩිනම් කරන අතර සෑම රටකටම එම එන්නත් ලබා ගැනීම සඳහා සාධාරණ හා සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කර තිබේ.

අදාළ එන්නත් පහසුකම ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ , එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව එහි පළමු අයදුම්පත ශ්‍රී ලංකාව දැනටමත් ඉදිරිපත් කර තිබේ.

එහි දෙවන  කොටස ලෙස , එන්නත් ලබා ගැනීම සහ අදාළ වන්දි පුර්ණ ගිවිසුමට එළැඹීම සඳහා ලබන 08 වැනිදාට පෙර අයදුම්පත ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව , නීතිපති ලබාදී ඇති උපදෙස්වලට අනුව , කොවැක්ස් පහසුකම යටතේ එන්නත් ඉල්ලීමේ අයදුම්පතේ බී කොටස ඉදිරිපත් කිරිමටත් , අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුම් ගත වීමටත් කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

No photo description available.

Image may contain: text

Read more

Local News