නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වෙයි

Share

රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි.

 

මේ අතර ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබුණි.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ඊයේ පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමටද නීතිපතිවරයා තිරණය කර ඇති බව වාර්තා විය.

සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි මස 09 වනදා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය.

Read more

Local News