ඉන්දීය විදේශ ඇමති සංචාරය අවසන් කර පිටව යයි

Share

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා මෙරට සිදු කළ නිළ සංචාරය අවසන් කරමින් අද (07) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය

 

ඒ මහතා මෙරට සිදු කළ නිළ සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා , විපක්ෂ නායක මෙන්ම විදේශ කාටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය

ඒහිදි ද්වීපාර්ශවීය සබදතා පිළිබඳව එහිදී සාකච්ඡාවක් පැවැති අතර දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓෙතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගනු ලැබීය.

මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වය පුද කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ” මෝඩි” ගම්මානය පිලිබදව ද සිහිපත් කළේය.

සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ ස්තූතිය පලකරනු ලැබීය.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ ආරාධනාවක්ද කළේය.

Read more

Local News