ඊයේ වාර්තා වූ කොව්ඩි රෝගීන් ගණන 532ක් : වැඩිම රෝගීන් කොළඹින්

Share

අද (08) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 532ක් හදුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 226කි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 72ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 50ක් ද අනෙක් 177දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින් ගණන 43001ක් වන අතර ඉන් පුද්ගලයින් 36903ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 6897ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 15041ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 78ක් තුළ පුද්ගලයින් 5782ක් නිරෝධායනය වෙම්න් සිටි.

Read more

Local News