කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 162 දෙනෙකු පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර තිබු අතර මේ වන විට ඒ ප්‍රදේශ හුදකලා කර තිබේ.
ඒ ඉන් 26 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමගයි.
එය සියයට 16 ක ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයකි.
මේ හේතුවෙන් එම ආසාදිතයින් හඳුනාගත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම්වල මුම්මාන පන්සල් හංදිය, මුම්මාන මංසන්ධිය, කඩේවත්ත, වල්පොලමුල්ල, කවුඩුමුන්න යන ප්‍රදේශ හුදකලා කිරීමට පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.