ඊයේ(08) රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදාකිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබෙන බව වාර්තා වෙයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබේ.
මේ වන විට අදාල ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.