ලබන මාසයේ මෙරට කොවිඩ්-19 මර්දන එන්නත්කරණයට සැලසුම්

Share

මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබෙන අතර ඒ සදහා එන්නතත් බලාපොරොත්තුවෙන් ජනතාව දෑස් දල්වා බලා සිට්.

මේ අතර කොරෝනා මර්දන එන්නත මුලින් ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4 කට අධික බවට හඳුනාගෙන ඇති බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා සහ ෆයිසර් බයෝ එන්ටෙක් Covid-19 එන්නත්, ලබන මස සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

ඒ අනුව, දැනටමත් හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් වෙත කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බව ඇය වැඩ්දුරටත් පැවසුවාය.

මේ අතර මෙරට කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගිය සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News