හැමිල්ටන් ඇළ මතින් ඉදි වන පාල‍‍ම තැනීම කඩිනම් කෙරේ

Share

නාත්තණ්ඩිය – මීගමුව ප්‍රධාන මාර්ගයේ නාත්තණ්ඩිය නගරය ආසන්නයේ ගලා බස්නා හැමිල්ටන් ඇළ මතින් ඉදි වන පාල‍‍මේ ඉදි කිරීම් කටයුතු කඩිනම් කර තිබේ.

 

පාල‍‍ම ඉදි කිරීම ‍සඳහා වැය කරනා මුදල රුපියල් මිලියන 228කි.

අරාබි රජයේ මූල්‍ය ආධාර මත ඉදි වන පාලමේ දිග මීටර 41.35කි. පළල මීටර් 10.45කි. මේ පාලම මංතීරු දෙකකින් සහ පාලමේ දෙපස පදික මංතීරු දෙකකින් සමන්විතය.

පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මඟින් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් සිදු කෙරේ.

පාලමේ ඉදි කිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂිතය.

Read more

Local News