මෙරටින් හදුනාගත් එංගලන්න නව වෛරස් ප්‍රභේදය

Share

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය පවතින අතර එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

 

විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනතාව හැකි උපරිම ලෙස සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි.

මේ අතර පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එන්නත්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය හමුදාවේ මූලිකත්වයෙන් සිදුවන බව ද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර අද (12) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 588ක් හදුනාගෙන තිබේ.

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 158කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 43ක් ද අනෙක් 236දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 45748ක් වන අතර ඉන් පුද්ගලයින් 39863ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි  පුද්ගලයෙක්, මාතලේ ප්‍රදේශයේ පදිංවිව සිටි 84 හැවිරිදි කාන්තාවක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

No photo description available.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 6675ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 12139ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 80ක් තුළ පුද්ගලයින් 6606ක් නිරෝධායනය වෙම්න් සිටි.

 

Read more

Local News