විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකුට හසුවූ ගජමුතු

Share

විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කදවුරේ නිලධාරින් විසින් ඊයේ(13)හම්බන්තොට ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී නිති විරෝධි ලෙස තමන් සන්තකයේ තබාගෙන විශේෂ කාර්ය බලකායේ උපාය දූතයකුට විකිණිමට උත්සහ කළ ගජමුතු 4ක් සමග සැකකරුවන් 4ක් සහ 1ක් සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් 4දෙනා සහ සැකකාරිය මොනරාගල ප්‍රදේශයේ පදිංච්කරුවන් බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අදාල ගජමුතු තොගය හම්බන්තොට වනජිවි නිලධාරින් වෙත බාර දී තිබේ.

මේ පිළිබද අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ “වැඩිදුරට විමර්ෂණ සදහා විශේෂයෙන් පසුගිය කාලය පුරාවට මෙවැනි අයුරින් ගජමුතු ලග තබා ගැනීම ගජමුතු ලෙස වෙනත් ද්‍රව්‍ය වංචනික ලෙස විකිණිමේ සිදුවීම් ගණනාවක් වාර්තා වුනා. ඒ අනුව විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරු අනුවයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. කෙසේ වෙතත් මේවා නිර්ව්‍යාජ ගජමුතු ද යන්න පිළිබදවත් අනෙකුත් කරුණු පිළිබදවත් පරීක්ෂා කිරිමටත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමටත් අදාල සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය හම්බන්තොට වනජිවි නිලධාරින් වෙත භාර දී තිබෙනවා” යනුවෙනි.

 

Read more

Local News