දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ තද වැසි

Share

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර  බස්නාහිර  සහ සබරගමුව පළාතවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අතර තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News