වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ස්වයං නිරෝධායනයට

Share

සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

 

ඒ මහතාගේ නිවසේ පසුගියදා පැවති හමුවකදී සහභාගී වු වෛද්‍යවරයෙකු කොරෝනා වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරුවීමත් සමග පාදෙණිය මහතා එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනුලැබිය.

ඒ අනුව අදාළ නිරෝධායන කටයුතු සඳහා පසුගිය (13) රාත්‍රීයේ සහ ඊයේ (14) පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ගොස් තිබුණත් එහි කිසිවෙකු රැඳී සිට නොමැති බව වාර්තා විය.

Read more

Local News