පාර්ලිමේන්තුව අද දෙවන දිනටත් රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (20) දෙවන දිනටත් රැස්වීමට නියම්තව තිබේ.

 

ඒ අනුව අද දිනයේ ද උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.

උදෑසන 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකෙරෙන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

ඉන් අනතුරුව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

එම විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීති රෙගුලාසී යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙවර පාර්ලිමේන්තු සතිය දින දෙකකට සීමා කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි.

ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ හා ආරක්ෂක අංශවල 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති පසුබිමකදී ය.

අමාත්‍ය වාසුදේව නානයක්කාර , රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්ත ද සිල්වා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ට මේ වනවිට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වී තිබේ.

 

Read more

Local News