ගත වූ පැය 24 තුළ මුව ආවරණ රහිත 31ක් අත්අඩංගුවට

Share

පුද්ගල දුරස්ථභාවය පිළිනොපැදූ හා මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 31 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

 

මේ වන විට පුද්ගලයින් 2662ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ඉන් 2500කට පමණ නඩු දමා තිබෙන බවත් අනෙක් අය සඳහා ද ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

 

බස්නාහිර පළාතේ සහ කොළඹින් පිට වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බවත් සඳහන් කළ අජිත් රෝහණ මහතා, සැම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මුහුණු ආවරණ පැළඳ,දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

තවද ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ ආයතන 1505ක පරිපාලකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ ය.

Read more

Local News