රිෆ්කාන් බදියුදීන් ට එරෙහි ව්‍යාජ ඔප්පු නඩුව කැඳවයි

Share

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි-මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩමක් විකිණීම සම්බන්ධයෙන් සැකකෙරෙන හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබී තිබෙන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

 

එම පැමිණිල්ල අද (21) කැඳවනු ලැබූ අවස්ථාවේදී අගතියටපත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ  තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ ප්‍රකාශකළ ද  මේ දක්වා එවැනි පියවරක් ගෙන නොමැති බව සඳහන් කළේය.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම සිද්ධියට සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මැයි මස 6 වනදා අධිකරණය හමුවේ ගොනුකර ලෙසය.

තලෙයි-මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස්කර විකිනීම තුළින් වංචාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.

Read more

Local News