ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

Share

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්විය.

 

අද දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී රැස් කරගන සිටි ලකුණු ගණන 339කි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 381ක් රැස් කළේය.

එංගලන්ත කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 98ක් ලබා සිටියේය.

ජොනී බෙයාස්ටෝව් අද ලකුණු 28කට දැවී ගියේය.

ඩෑන් ලෝරන්ස් ලකුණු 3 යි.

පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ එංගලන්ත නායක ජෝ රූට් අද ත් ශතකයක් වාර්තා කළේය.

එය ඔහුගේ 19වැනි ටෙස්ට් ශතකයයි.

ජෝ රූට් ලකුණු 186ක් රැස් කළේ 4 පහර 18 ක් ද එල්ල කරමින්ය.

ජෝස් බට්ලර් 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 132 කට කඩුලු 7ක් දවා ගත් අතර, මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ තුන්වැනි අවස්ථාවයි.

Read more

Local News