විශ්‍රාමිකයින්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 14 වැනිදට

Share

තමන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් වර්ධක අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයින් 95ක් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

 

එම පෙත්සම අද (25) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ, පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 14 වනදා කැඳවන බවය.

හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයෙකු වන කේ.ඒ තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටියේ 2016.01.01 සහ 2019.12.31 දක්වා කාලසීමාව තුළ විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය ලබාදීම රජය විසින් අත්හිටුවා ඇති බවය.

මේ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එබැවින් අදාළ විශ්‍රාම වැටුප් වර්ධක තමන්ට ගෙවන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ විශ්‍රාමික පිරිස විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Read more

Local News