අදානි සමාගමට එරෙහිව නැගී ආ ඉන්දීය ගොවි විරෝධය : පැය 48කට අන්තර්ජාලය නවතී

Share

ඉන්දියාවේ ගොවි විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා පැය 48කට අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ , අදානි සමාගමට එරෙහිව හා නව කෘෂිකර්ම පනත්වලට විරෝධය පළ කරමින් ය.

ජනයා එක්රැස් වීම වැළැක්වීම සඳහා ඉන්දීය රජය මෙම පියවර ගෙන තිබෙන අතර මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඉන්දීය අගනුවරට ආසන්නයේ ස්ථාන 3 ක අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති බව ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ , නොසන්සුන්තාවයක් ඇති වේ යැයි සිතා ඉන්දියානු බලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇති බවට වන අතර නමුත් විරෝධතාකරුවන් පවසන්නේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් හා ජනතා අයිතිවාසිකම් යටපත් කිරීමක් බවයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා හවුල් කරගැනීමට යෝජනා වී ඇති ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානිට හා ඔහුගේ සමාගමට විරෝධය පළ කරමින් අදත් ඉන්දියාවේ විරෝධතා පැවැත්වුණි.

එම විරෝධතා මේ වන තවත් තීව්‍ර වී තිබේ.

ඉන්දිය ගොවීන්ගේ දැවැන්ත විරෝධතා මාලාවට හේතුව වී ඇත්තේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැවති පනත් තුනක් සංශෝධනයට ඉන්දිය ආණ්ඩුව පියවර ගැනීමය.

ගොවි ජනතාව කෙරෙහි රාජ්‍ය වෙත පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය හරහා ලිහිල් වන බවට ගොවීන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩ්දුරටත් වාර්තා කර තිබේ

Read more

Local News