තලවතුගොඩ බොත්තමාට සිදු වූ දේ

Share

අයිස් සහ හෙරොයින් සමග පුද්ගලයින් සිව් දෙනෙකු තලංගම, කිඹූලාවල සහ තලවතුගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම අත්අඩංගුවට ගත් පිරිස අතර තලවතුගොඩ බොත්තමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නාලක වන්නිආරච්චිගේ ටෙරන්ස් දීපාල් නැමති පුද්ගලයාද සිටින බව පොලීසිය සදහන් කරයි.

තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 140ක් සහ හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 800ක් පොලීසිය භාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 30, 34 සහ 44 වයස් වල පසුවන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

Read more

Local News