කිඹුලා ඇලේ ගුණා සහ බුම්මා ඉන්දියවේදී කොටුවෙයි

Share

මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කිඹුලා ඇලේ ගුණා, ඔහුගේ පුත්‍රයා සහ තවත් අපරාධකරුවෙකු වන බුම්මා යන පුද්ගලයින් ඉන්දියවේ චෙන්නායි නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය, මෙරට රාජ්‍ය බුද්ධි අංශ සහ ඉන්දීය බුද්ධි අංශවල සහයෝගීතාවයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

මොවුන් ශ්‍රී ලංකාවට උදර්පණය කරවා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මේ වන විට තවත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමිපතමෙයෙකු වූ ධර්මසිරි නැමැත්තා ඉකුත් මස ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වි ඇති අතර ඔහු මේ වන විට ආරක්ෂක අංශ භාරයෙන් මිදී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News