ඉන්දීය සංචිත බැංකුවෙන් ගත් මුළු ණය මුදලම ගෙවා අවසන් : ශ්‍රී ලංකා මහ බැංකුව

Share

විශේෂ ණය පහසුකම් යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

අනුව ඉන්දියානු සංචිත බැංකු මඟින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පූර්ණයෙන් පියවා ඇති බව පවසන මහ බැංකුව මේ ණය පහසුකම් පිය වන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණද සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් එවැනි කිසිදු ඉල්ලීමක් කර නොමැති බවට මහ බැංකුව පවසයි.

නියමිත පරිදි මුදල් පිය වීම කර තිබෙන අතර එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන්ද අඛණ්ඩව සාකච්ඡා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් අමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු ණය මුදලක් ලබා ගන්නා ලදි.

Read more

Local News