ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය

Share

ලොව පුරා කොරෝනා වෙෙරස තත්ත්වය පවතින වාතාවරණයක ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිපදවනු ලැබූ කොවිඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව ඉන්දියාවේ සහ දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් සඳහා අනුමැතිය ලබාදීමට තීරණයකර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ යටතේ ලබන 15වැනිදා සිට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිෂීල්ඩ් එන්නතට හා දකුණු කොරියාවේ එස් කේ බයෝසයන්ස් ආයතනයේ නිපදවන එන්නත සඳහා අනුමැතිය හිමිවනු ඇත.

අදාළ එන්නත් සඳහා අවසර හිමිවන්නේ හදිසි භාවිත එන්නත් ලැයිස්තුව යටතේය.

මේ අතර එක්සත් රාජධානියෙන් පළමුව හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රා සෙනෙකා එන්නත සාධනීය ප්‍රතිඵල ලබාදෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අනාවරණයකර තිබේ.

Read more

Local News