වේගවත්ම ක්‍රීඩකයින් අතරට ආ ලාංකාවේ යුපුන්

Share

මීටර් 60 පිරිමි අවසන් තරඟයේදී තත්පර 6.65ක් කාලයක් වාර්තා කරමින් ජර්මනියේ බර්ලින් නුවර පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියේ වේගවත්ම ක්‍රීඩකයින් අතර 6 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වි තිබේ.

 

මීටර් 60 ඉසව්වේ ලෝව වේගවත්ම ක්‍රීඩයන්ගේ සහභාගීත්වයෙන් පැවැති එම තරඟාවලියේ මීටර් 60 ඉසව්වේ මූලික වටයේ තරඟයෙන් තත්පර 6.66ක දක්ෂතාවයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

ඒ අනුව අවසන් තරඟයේදී යුපුන් අබේකෝන් තත්පර 6.65ක කාලයක් වාර්තා කිරීමට සමත් වු අතර තරඟයේ සිව්වන, පස්වන සහ හයවන ස්ථානය හිමි කරගත් ක්‍රීඩකයන් තිදෙනාම තත්පර 6.65ක කාලයක් වාර්තා කිරීම විශේෂත්වයකි.

මෙම තරඟාවලිය යුපුන් සහභාගී වු ලොව පුමුඛ පෙළේ ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලිය වන අතර ඒ අනුව යුපුන් අබේකෝන් පෙබරවාරි 9 වැනිදා ප්‍රංශයේ පැවැත්වෙන තවත් ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වීමට නියමිතය.

Read more

Local News