ලොව වැඩියෙන් වස කන රට ගැන වෛද්‍ය පාදෙණිය කියයි

Share

ලොව වැඩියෙන් වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කරයි.

 

රටක ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය සඳහා යොදන අනුමත වස ප්‍රමාණය ඒකක 7ක් පමණ වුව ද ලාංකිකයන් ඒකක 280ක් යොදන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

ලංකාවේ පුද්ගලයෙක් වසරකට නිර්දේශිත වස කිලෝග්‍රෑම් 4.5ක් කන බවයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පැවසුවේ සම්මන්ත්‍රණයකට සහාභාගි වෙමින්ය.

එම සම්මන්ත්‍රණය සඳහා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එක්ව සිටි අතර විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඔහු අමතමින් සඳහන් කළේ අමාත්‍යවරයා ද ඒ අවස්ථාවේ ජලය ලබා දී ඇත්තේ ප්ලාස්ටික් බෝතල්වල බවයි.

Read more

Local News