මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත.
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, අදාළ බඳවා ගැනීම් සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගෙන බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කර ඇති බවත්ය.
ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.