කොවිඩ් එන්නතරණයෙන් පසු මාස 06ක් වත් යනතුරු මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතුයි

Share

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් වැළකිය යුතුයි

 

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහලු අක්‍රියවීම සිදුවන බැවින් එය ඔවුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ් -19 ද ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්ත්වයක් බව පෙන්වා දෙයි.

මේ නිසා දුම් පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් – 19 රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමුවීමේ සහ මරණයට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන බැවින් එන්නත්කරණය තුළින් රටේ උද්ගතව ඇති වසංගත උවදුර මැඩපැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකිවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

එමෙන්ම මත්පැන් හා දුම්වැටි භාවිත නොකරන අයට මෙම එන්නත් ලබාදීම වඩාත් ප්‍රතිඵලදායක බව ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6ක් ගතවන තෙක් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවය.

mathf

Read more

Local News