ඩුබායි අසංකගේ ගෝලයෙකු අත්අඩංගුවට

Share

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අසංක නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් සහ රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් සොයාගෙන ඇත.

හෙරොයින් ජාවාරමේ නිරත වූ තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර වව්නියාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් කේරල ගංජා කිලෝ 1යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 30ක් සමග 34 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු දැනට බන්ධනාගරගතව සිටින රිස්වි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවය.

Read more

Local News