ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ(14) දිනයේ කොරෝනා ආසාදිතයින් 802ක් අලුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වන අතර ඉතිරි පුද්ගලයින් 801 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ අතර එම ආසාදිතයින් ගණන 238කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68ක් ලෙස වාර්තා වේ.

අනෙක් ආසාදිතයින් 333 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වු පෑලියගොඩ – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් මේ දක්වා ආසාදිතයින් 72,132 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් 67,302 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව, කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව  75,654 ක් වන අතර ඉන් පුද්ගලයින් 68,696කි.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,561ක් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි

කොවිඩ් – 19 ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව397ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ දින අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

Read more

Local News