කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය කළ ඉල්ලීම

Share

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙස කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (15) දිනයේ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

 

අමාත්‍යවරිය වැඩ්දුරටත් සදහන් කළේ ”මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශය ආපු ගමනේදී ජනතාවගේ සහය අරන් තමයි අපි හුගාක් දේවල් සාර්ථක කර ගත්තේ. ඉදිරියට මේ කොව්ඩ් 19 පාලනය කරන්න ජනතාවගේ සහයෝගය දෙන්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් මම රටේ ජනතාවගෙන් අත්දෙක එකතු කරලා වැඳලා ඉල්ලා සිටිනවා..”

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී මේ දක්වා ජනතා සහයෙන් බොහෝ දේ සාර්ථක කර ගැනීමට හැකි වූ බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කර සිටියේ, නීති රීති පනවා වසංගතය පාලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් අවශ්‍ය වුවහොත් රෝග ව්‍යාප්තිය පාලනයට නීති රීති පැනවීමට සිදුවනු ඇති බව ද , ඇය පැවසුවා ය.

බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කෝවිඩ් -19 නව වෛරස් ප්‍රභේදය මේ වනවිට රටවල් 80ක පමණ පැතිර ඇති බවත් මෙරටදී හඳුනා ගත් ආසාදිතයින් කිහිපදෙනාගෙන් බහුතරය මැද පෙරදිග වැනි රටවලින් පැමිණි අයගෙන් හඳුනා ගෙන ඇති බව ද සඳහන් කළා ය.

අමාත්‍යවරිය පැවසුවේ, කෙසේ වෙතත් අවිස්සාවේල්ල හා හංවැල්ල ප්‍රදේශවලින් වාර්තා වූ ආසාදිතයින්ට වෛරසය වැළඳුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

මෙම නව වෛරස ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති බවත් එක් රෝගියෙකුගෙන් රෝගීන් බහුතරයකට පැතිරීමේ හැකියාවක් ඇති බවත් ඇය සඳහන් කළා ය.

Read more

Local News