ඊයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹින්

Share

ඊයේ (17) දිනයෙත් වැඩ්ම කොරෝනා රෝගීන් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 223කි.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 722ක් වාර්තා වූ අතර ඉන් 9 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය ලෙස වාර්තා විය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 160 කි.

කළුතර දිස්ත්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ද ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනුණු අතර කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමග බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,957ක් වේ.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 ක් ඇතුළුව ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 20 කින් ආසාදිතයින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ දිනයේ මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර ඊයේ දිනය තුළ මෙරට පී.සී.ආර් පරීක්ෂණ 13,585 ක් සිදුකර තිබේ.

මේ වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,089 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 77,906කි.

ඉන් 71,176 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 6,321 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News