බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා බටහිර ඉන්දිය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිත බවයි.
චමින්ද වාස් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබේ.
ඒ අනුව තරග කාලසටහන මෙසේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් ඉල්ලා අස් වීම හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා චමින්ද වාස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නම් කර තිබේ.





