ඊයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹින්

Share

අද (22) උදෑසන වනවිට මෙරටින් කොවිඩ් -19 රෝගීන් 519ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඉන් එක් පුද්ගලයෙකු පමණක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනාගෙන ඇති අතර ඉතිරි සියලු ම ආාසදිතයින් වාර්තාවී ඇත්තේ, දේශීයවයි.

ඊයේ දිනයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම ගණන 122කි

ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 85 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්තා විය.

අනෙක් ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79999 ක් වන අතර ඊයේ දිනයේ පුද්ගලයින් 843 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 74299 ක් දක්වා ඉහළ ගියේ ය.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, පුද්ගලයින් 5255 කි.

ඊයේ දිනයේ ආසාදිතයින් 10 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා වැළඳී අහිමි වූ පුද්ගල ජීවිත සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී ඇත්තේ, කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් යන ප්‍රදේශවලිනි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 69 ක් තුළ පුද්ගලයින් 9,373 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 12,936 කි.

 

Read more

Local News